◄◄ජීවිතයේ ඇතිවන බැදීම් කෙතරම් චමත්කාරද►►
ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.
"පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"
තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල් ගොඩක් දැන ගන්න ආකාරය ඊලග දින කිහිපයේදි මම දුටුවා.
සති කිහිපයක් ගත වුනා. එදින නිවසේ කිසිවෙකුත් සිටියේ නෑ. මම සුපුරුදු පරිදි බිම් මහලේ වූ මගේ පියාගේ ගරාජයේ ආයුධ පෙට්ටිය රැගෙන තනිවම සෙල්ලම් කිරීමට පටන් ගත්තා.ගත වුනේ සුළු මොහොතයි, අඩුවකට හසු වූ මගේ වමතේ සුලැගිල්ල තුවාල උනා.
දැනුනු වේදනාවට දෑසින් කදුළු වැටුනු නමුත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා හැඩීමෙන් පලක් නොමැති බව ඊළග මොහොතේ මගේ ළමා මනසට වැටහුනා.පිහිටක් පතා වටපිට බැලූ මම දුරකතනය දුටු අතර ක්ෂනිකව මගේ මනසට පැමිනියේ "තොරතුරු සේවයයි". දුරකතනය වෙත ලගා වූ මා තරු සලකුන එබුවා.
"තොරතුරු සේවය" අනෙක් පසින් ආදරණීය කට හඩක් ඇසුනා.
"මගේ ඇගිල්ල තුවාල උනා..." මම ඉකිබිදිමින් පැවසුවා.
මද වේලාවක් යනතුරු අනෙක් පසින් හඩක් පැමිනියේ නෑ.දරා ගත නොහැකි වේදනාවෙන් මගේ සිත හඩා වැටුනු අතර දෙනෙතින් කදුලු වැගිරුනා.
"මගේ ඇගිල්ල තුවාල උනා..." මම යලිත් පැවසුවා.
මද වේලාවකින් අනෙක් පසින් ශබ්දයක් ඇසුනා,ඒ පෙර කතා කල ආදරණීය කටහඩමයි
"ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර නැද්ද පැටියෝ?"
"අම්මයි තාත්තයි ලොකු අම්මලගේ ගෙදර ගියා...මම විතරයි ගෙදර ඉන්නේ" ඉකිබිදින අතර මම පැවසුවා.
"හා...ඔයාගේ අතින් ලේ එනවද බබෝ?" ඇය ආදරෙන් ඇසුවා.
"ඔවු...මට ගොඩක් රිදෙනවා"
"පැටියෝ කලබල වෙන්න එපා,ඔයාලගේ ගෙදර ශීතකරනයක් තියනවද?"
"ඔව්"
"එහෙනම් ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියා ගන්න,එතකොට ලේ ගලන එක නතර වෙයි,බය වෙන්න එපා පැටියෝ එතකොට ඔක්කොම හරි යාවි"
ඇය ඉතා ඉවසිලිමත් ලෙසත් ආදරණීය ලෙසත් මට පැහැදිලි කර දුන්නා.
එදා පටන් මගේ සියලුම ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයට.
"ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?"
"ඇයි කුරුල්ලෝ පලතුරු විතරක් කන්නේ?"
"අපිට පියාඹන්න බැරි ඇයි?"
"මට මගේ පුංචි බලු පැටියා එක්ක කතා කරන්න බැරිද?"
ආදී මගේ සිතට නැගෙන දහසකුත් එකක් වූ ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයේ මගේ ආදරණීය මිතුරියට. ඒ සෑම පැනයකටම ඉතා ඉවසිලිවන්තවත් ආදරණීයවත් ඇගේ සුමිහිරි කට හඩින් ඇය මට පිලිතුරු ලබා දුන්නා.
දිනක් අපේ නිවසේ සුරතලයට ඇති කල කැනරි කුරුල්ලා මිය ගියා. මම කතා කලේ තොරතුරු සේවයේ මගේ මිතුරියටයි.මගේ පැනය අසා සිටි ඇය කැනරි කුරුල්ලා මිය ගොස් ඇති බව මට වටහා දුන්නා.
"ඉතින් එයා කොහොමද ආයෙත් සින්දු කියන්නේ? එයාට ආයේ ඉගිල්ලෙන්ත් බැරිද?" මම ඇගෙන් ඇසුවේ ශෝකයෙන්.
මගේ පැනය සාවධානව අසා සිටි ඇයට මගේ සිතේ වූ ගැඹුරු ශෝකය දැනෙන්න ඇති.
"පෝල්...මතක තියා ගන්න...අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් තියනවා...දැන් ඔයාගේ කැනරි කුරුල්ලා ඉන්නේ ඒ ලෝකෙක ...එයා ඒ ලෝකෙට වෙලා ආයෙමත් ලස්සනට සින්දු කියාවි"
තවත් දවසක මම තොරතුරු සේවයට ඇමතුමක් ලබා ගත්තා
"ෆික්ස් කියන වචනේ අකුරු මොනවද කියන්නකෝ"
මගේ අධ්‍යාපනය ගැන ඉහල බලාපොරොත්තු තබා සිටි මගේ දෙමව්පියන් මාව නගරයේ පාසලකට ඇතුල් කලා,අප නගරයේ පදිංචියට පැමිනියා,මට මගේ මිතුරියව අහිමි උනා.
වසරින් වසර ගෙවී ගියා මගේ අධ්‍යාපන කටයුතු අවසන් වූ අතර අප නැවතත් අපේ පැරණි නිවසට පැමිනියා.එවිට මම නව යොවුන් වියේ වූ තරුණයෙකු වූ නමුත් මගේ පැරණි මිතුරිය පිලිබද වූ මතකය මගේ සිතින් ඈත් වුනේ නෑ.ඇය තුල වූ ආදරය කරුණාව ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව තවමත් මා විශ්මයට පත් කලා.
අප නිවසට අලුත් දුරකතනයක් මිලදී ගත් අතර මම පලමු ඇමතුම ගත්තේ මගේ ළමා කාලයේ සුපුරුදු අංකයටයි.
"තොරතුරු සේවය " වියපත් වූ නමුත් ආදරණීය සුපුරුදු කටහඩක් මට ඇසුනා.මම විශ්මයට පත් වුනා,ඇය තවමත් සේවය කරනවා.මගේ ගොරෝසු පිරිමි කටහඩ අවදි වුනා,
"මගේ ඇගිල්ල තුවාල උනා..."
ඇය බොහෝ වේලාවක් යන තුරු කතා කලේ නෑ,නමුත් ඇය දුරකතනයේ රැදී සිටින බව මම දැන සිටියා.අවසානයේ ඇය කතා කලා,
"ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියාගත්තොත් ලේ ගලන එක නැවතෙයි පෝල්"
මම මහ හඩින් සිනා සුනා.
"ඕහ් දෙවියනේ... මම හිතුවා ඔයාට දැන් අමතකයි කියලා"
"මට ගොඩක් පුදුමයි පෝල්" ඇය සෙමින් පිලිතුරු දුන්නා.
අප දෙදෙනා බොහෝ වේලාවක් කතා කලා. ටික දිනකට මම සොයුරිය හමු වීමට වෙනත් නගරයකට යන බව පැවසූ මම යලිත් ආ විගස ඇයට අමතන්නට පොරොන්දු වුනා.
"නොවරදවාම කතා කරන්න පෝල්...මගේ නම සැලී" ඇය පැවසුවා.
සොයුරියගේ නිවසේ මාස තුනක් පමන මා ගත කල අතර නැවත පැමිනි විගස මා ඇමතුවේ තොරතුරු සේවයටයි.
"තොරතුරු සේවය " අනෙක් පසින් ඇසුනේ නුපුරුදු තරුණ කට හඩක්.
"මට සැලීට කතා කරන්න පුලුවන් ද?" මම විමසුවා.
"ඔබ ඇයව දන්නවද?" ඒ කට හඩින් පැනයක්.
"ඔව් ඇය මගේ යෙහෙලියක්...ගොඩක් පරණ යෙහෙලියක්" මම පිලිතුරු දුන්නා.
"මට ගොඩක් කණගාටුයි මේ දේ ඔබට පැවසීමට සිදුවීම ගැන... ඇය සති දෙකකට පෙර මිය ගියා"
මගේ සිත ශෝකයෙන් පිරී ගියා,උගුරේ යමක් සිර වූ ආකාරයක් දැනුනු අතර මගේ මුවින් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.මම රිසීවරය යලි තැබීමට පෙර ඇය යලි කතා කලා
"මහත්මයා ඔබේ නම පෝල්ද?"
"ඔව්" මම සෙමින් පැවසුවා.
"ඇය අසනීප වී සිටි සමයේ ඇය ඔබට ලබා දෙන්න ලිපියක් මට ලබා දුන්නා,මට ඔබේ නිවසේ ලිපිනය කියනවද,මම එය තැපැල් කරන්නම්"
නිවසේ ලිපිනය ලබා දුන් මා රිසීවරය තැබූ අතර දිගින් දිගටම මගේ සිහියට නැගුනේ ළමා කාලයේ මගේ අනේක විධ පැන වලට පිලිතුරු ලබා දුන් ඇගේ කරුණාබර ආදරණීය කට හඩයි.
දින කිහිපයක් ගත වූ අතර දිනක් මගේ නමට ලිපියක් පැමිනියා,ඒ මගේ මිතුරිය සැලී මිය යාමට ප්‍රථමයෙන් මට ලියූ ලිපියයි. එහි මෙසේ සටහන් වුනා
"පෝල්...ඔබ යලි පැමිනීමට පෙර මා මිය යාවි යැයි ඇති සැකය නිසයි මම මේ ලිපිය ලියන්නේ.
වසර ගණනාවකට පසු ඔබෙන් ලැබුනු ඇමතුමෙන් මම ගොඩක් පුදුම වුනා,ඊටත් වඩා ගොඩාක් සතුටු වුනා. පෝල් ඔබ දන්නේ නෑ ඔබෙන් ලැබුනු ඇමතුම් වලින් දරුවන් නොමැති මම කොතරම් සතුටට පත් වුනාද කියලා,ඔබ මගේ පාලු ජීවිතයට ආශිර්වාදයක් වුනා පෝල්.කෙසේ නමුත් දැන් අපිට සමුගැනීමට කාලය ඇවිල්ලා.මතකයි නේද, අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් පවතිනවා,මම ඒ ලෝකෙකට ගිහින් ඔයාගේ කැනරි කුරුල්ලා කියන ලස්සන සිංදු අහගෙන ඉන්නම්.ඔයාට නැවතත් ස්තූතියි.
ඔබේ මිතුරිය සැලී.
ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අයුරින් විවිධ පුද්ගලයන් සමග ඇති වන බැදීම් කෙතරම් චමත්කාරදැයි සිතෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසුවයි. පරක් තෙරක් නොපෙනෙන ජීවන ගමන තුලදී අප ඇති කර ගන්නා බැදීම් කෙතරම් අපූරුද?
Source: https://www.facebook.com/profile.php?id=100000825666984#!/Kaju.Waththa.Eksath
Wednesday, March 21, 2012
ප්‍රථම ප්‍රේමය
තැවුනෙමි සොයා ගන්නට නොහැකි වූ කල
සදාකාලික ආදරයක්..............
සොයා ගත්තෙමි හද පුරා රැදි
සොදුරු සිතුවමක්....
දුටුවෙමි කිසිදිනෙක නුදුටු විදිහේ
අවිහිoසක කමක්........
ලැබුවෙමි කිසි දිනෙක නොලද තරමේ
ආදරයක්.........
වින්දෙමි සීමාවක් සොයන්නට නොහැකි තරමේ
සතුටක්........
සොයන්නෙමි නුඹ ගැන කියන්නට මේ අහස් වියන යට
කිසි දිනක නොලියවුනු කවියක්.............

ඇත්තටම ඔව්...
වහල කියනවා → ඉහළටම යන්න කියලා.
Fan එක කියනවා → Cool එකේ ඉන්න කියලා.
කැලන්ඩරය කියනවා → එදා වැඩ එදාම කරන්න කියලා.
... පරිගණකය කියනවා → දැනුම එක් රැස් කරන්න කියලා.
අල්මාරිය කියනවා → අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න කියලා.
ඇඳ කියනවා → සුබ සිහින දකින්න කියලා.
කණ්ණාඩිය කියනවා → ඔබ ඔබම වන්න කියලා.
බිත්ති කියනවා → ඕනම දෙයක් දරාගෙන ඉන්න කියලා.
ජනේලය කියනවා → රාමුවෙන් එපිටට දකින්න කියලා.
පොළව කියනවා → පොළවේ පය ගහලා ඉන්න කියලා.
මේ එක දෙයක්වත් කතා කරලා අපිට මේ දේවල් කියල දෙන්නේ නෑ තමයි, ඒත් ඒ හැමදේකින්ම ජීවිතයට යමක් කියල දෙනවා......

Tuesday, March 20, 2012
වැදගත්ම දේ ඔබේ පවුලයි....
මැදි වියේ පසු වූ මිනිසෙකු මල් සාප්පුවක් අසල තම මෝටර් රථය නවත්වා මෝටර් රථයෙන් ඉවතට පැමිනියේය . ඔහුට අවශ්‍ය කර තිබුනේ අද දින තම හැත්තෑ වන උපන් දිනය සමරන මව වෙත මල් කළඹක් යැවීමටයි. ඇය වාසය කලේ ඔහු ජීවත් වූ නගරයට කිලෝමීටර 200ක් පමන දුරින් වූ කු...ඩා නගරයකය.
මෝටර් රථයෙන් ඉවතට පැමින මල් සාප්පුව දෙසට යන ඔහු දුටුවේ මල් සාප්පුවෙන් පිටත බංකුවක් මත වාඩි වී හඩමින් සිටින කුඩා දැරියකි. කුතුහලයෙන් ඈ වෙත ගිය ඔහු ඇගෙන් හැඩීමට කාරනාව විමසා සිටියේය..
"අද අපේ අම්මගේ උපන් දිනේ... මට අම්මට දෙන්න රතු රෝස මලක් ගන්න ඕනේ,ඒත් මගේ ලග තියෙන්නේ ඩොලර් එකයි,රතු රෝස මලක් ඩොලර් දෙකයි"
යැයි එයට පිලිතුරු ලෙස දැරිය දුක්බර හඩින් කියා සිටියාය.
මද සිනහවක් පෑ ඔහු මෙසේ කීවේය
"එන්න දුව මාත් එක්ක... මම දුවට රතු රෝස මලක් අරන් දෙන්නම්"
ඔහු කුඩා දැරියට රතු රෝස මල් කළඹක් මිලදී දුන් අතර තම මව සදහා අවශ්‍ය මල් ඇනවුම් කර ඒවා යැවිය යුතු ලිපිනය මල් සාප්පුවට ලබා දුන්නේය.
ඔවුන් දෙදෙනා මල් සාප්පුවෙන් පිටතට පැමිනි අතර කුඩා දැරියව නිවසට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් විය.
"හා අංකල් එහෙනම් මාව අම්මා ලගට එක්ක යන්න " යැයි පැවසූ කුඩා දැරිය ඔහුගේ ආරාධනාව ප්‍රීතියෙන් පිලිගත්තාය.
ඇය ඔහුට මග පෙන්වූ අතර අවසානයේ නගරයේ සොහොන් පිටිය අසල මෝටර් රථය නැවැත්වීමට පැවසූ ඈ අලුත වල දැමූ මිනී වලක් අසලට ගොස් රතු රෝස මල් කළඹ ඒ මතින් තැබුවාය.
කුඩා දැරිය නිවසට ගොස් ඇරලවූ මිනිසා යලිත් මල් සාප්පුවට පැමිනි අතර තමාගේ ඇනවුම අවලංගු කලේය.
මල් සාප්පුවේ වූ අලංකාරම මල් කළඹ මිලදී ගත් ඔහු කිලෝමීටර් 200ක් දුර වෙසෙන මවගේ නිවස වෙත පිටත් විය
ජීවිතය කෙටියි ,ඔබට හැකි තරම් කාලයක් ඔබ ආදරය කරන පුද්ගලයන් සමග ගත කරන්න,ඔවුන් වෙනුවෙන් කැප වෙන්න. . ඔබ ප්‍රමාද වැඩි වීමට ප්‍රථමයෙන් ජීවිතයේ සෑම මොහොතක්ම ඔවුන් සමග රස විදින්න,ඔබේ පවුලට වඩා වටිනා කිසිවක් මෙලොව නොමැත.
https://www.facebook.com/profile.php?id=100000825666984#!/Kaju.Waththa.Eksath

කරවුනු පාන් කෑල්ලකට ඔබේ විවාහ ජීවිතය පලුදු කරන්න ඉඩ දෙන්න එපා........
දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක්... අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.
බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.
"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.
එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.
"දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"
එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.
එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.
එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.
අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.
රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ
"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.
වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.
ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි.
මෙය ලියන මම,මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ,ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී.
එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි
https://www.facebook.com/profile.php?id=100000825666984#!/Kaju.Waththa.Eksath
Always Be Positive..........රුපියල් 500
දිනක් එක් දේශකයෙකු තම දේශනය අතර තුර පසුම්බියෙන් ගත් රු.500ක නෝට්ටුවක් ගෙන එය අවශ්‍යය කාටදැයි ඇසූ විට ශාලාවේ සිටි සියලුම දෙනාම පාහේ තම අත් ඉහළට ඔසවන්නට වූ අතර දේශකයා දිගින් දිගටම රු.500 නෝට්ටුව අවශ්‍යය කාටදැයි විමසමින් වේදික...ාවේ ඇවිදින්නට විය. එවිට තැන් තැන් වලින් ඇසුනේ ''මට ඕන'' යන හඬ වූ අතර එය ක්‍රමයෙන් දේශනා ශාලාව පුරා රැව් දෙන්නට විය. එක්වරම වේදිකාව මතට දිය ගිය සිසුවියක දේශකයාගේ අතේ තිබුණු රු.500 ගනිද්දී දේශකයා ඇය වෙත සුබ පතමින් අත් පොළොසන් දෙන්නට විය.
''අපි අපේ ජීවිත වල හොඳ දෙයක් වෙනකම් කියල බාලාගෙන ඉන්නවා, ඒත් කිසිම දෙයක් ඒ සඳහා කරන්නේ නෑ. හොඳ දෙයක් සිදු වෙන්න නම් අපි ක්‍රියාත්මක වෙන්න ඕන.''
මේ සිදුවීම මා ජීවිතයට හුරු පුරුදු කරගෙන ටික කලක් ගත වෙද්දී නැවත වරක් මා හට එම දේශකයාගේම දේශනයකට සහභාගී වීමේ භාග්‍යය උදා විය. දේශනය අතර තුර පෙර අවස්ථාවේ පරිදිම ඔහු තම පසුම්බියෙන් රු.500 නෝට්ටුවක් ගන්නට වූ විට සිදුවන්නට යන්නේ එදා සිදුවූ දෙයම යැයි මා සිතන්නට විය. එහෙත් ඒ වෙනුවට ඔහු ශාලාවේ අපට යොමු කලේ වෙනත් පැනයකි.
''මේ මගේ අතේ තියෙන නෝට්ටුවේ වටිණාකම කීයද?''
සෑම දෙනම එක හඬින් රු.500 යැයි ප්‍රති උත්තර දුන් අතර ඉන් පසු දේශකයා එම නෝට්ටුව ගෙන අතින් හොඳ හැටි ගුලිකරන්නට විය.
''දැන් මේ මගේ අතේ තියෙන නෝට්ටුවේ වටිණාකම කීයද?''
නැවතත් සියලු දෙනාම පෙර පරිදිම පිළිතුරු දෙන්නට යෙදුනු අතර ඔහු ඉන් පසු නෝට්ටුව බිම දමා එය තම සපත්තුවෙන් පාගන්නට විය.
''හොඳයි, දැන් මේ මගේ අතේ තියෙන නෝට්ටුවේ වටිණාකම කීයද?''
රු.500යි. සෑම දෙනම එක හඬින් පිළිතුරු දෙන්නට විය.
''හරියටම හරි, අපි අපේ ජීවිත වලදිත් මේ රු.500 වගේ හැඩ ගැසෙන්න ඕන. සමාජය විසින් අපිව කොතරම තලා පෙලා දැම්මත් අපි අපේ තියෙන වටිණාකම හෑල්ලුවකට ලක් වීමට නොදිය යුතුයි.''
රු.500කින් වුනත් ජීවිතයට එකතු කරපු දේ මිළ කරන්න බැරි තරම් නේද?

මගේ අරමුණ.....
මූනු පොතේ තිබුනු වැදගත් කියලා හිතෙන ලිපි ලේසියෙන් බලාගන්න හින්දා මට හිතුනා මෙහෙම බ්ලොග් එකක් හදන්න ඕනා කියලා.කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයට https://www.facebook.com/#!/Kaju.Waththa.Eksath විශේෂ ස්තුතිය හිමි වෙන්න ඕනා.මොකද ඒකෙන් තමයි මම හුගාක් ලිපි අරගත්තෙ.අපේ රටේ හුග දෙනෙක්ට 99ක් දේවල් තිබිලා 1ක දෙයක අඩුවක් උනාම දුක් වෙන්නෙ තමන්ට නොලැබුනු අර 1ක දේ ගැන. ඒක නැති උනාට තව ගොඩාක් දේවල් තමන්ට තියෙනවා කියලා හිතන්න අපේ මිනිස්සු දන්නෙ නෑ.එහෙම හිතන අපේ කොල්ලො,කෙල්ලන්ට වෙනදා දැකපු දේවල් වෙනස් විදිහකට දකින්න මේ ලිපි උදව් වෙයි කියලා හිතනවා.ඒ ඇරුනාම බ්ලොග් කරණය ගැන නම් මම වැඩිපුර දන්නෙ නෑ.
Subscribe to:
Posts (Atom)